තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, කල්අඩිචේන ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් 2019 නොවැම්බර් 01 වන දින කල්අඩිචේන ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් අවුරුදු 24 ත් 30 ත් අතර වයස් වල පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ධිවර යාත්‍රාව, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.