නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 නොවැම්බර් 01 වන දින මීගමුව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දුම්වැටි 4000 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානත්මක අපරාධ මර්ධන ඒකකය එක්ව සිදුකළ සෝදිසි මේහෙයුමකදී මීගමුව, කොප්පරා හංදිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කල සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර එම පුද්ගලයා පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී ඔහු සතුව පැකට් 200 ක් තුල තිබු දුම්වැටි 4000 ක් සොයා ගැනීමට සමත්ව ඇත. මෙම නීති විරෝධි දුම්වැටි තොගය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී මෙම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 51 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.