වැදගත් සිදුවීම්

විදේශීය මත්පැන් බෝතල් 650 ක් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව 2019 නොවැම්බර් 03 වන දින සිදු කල වැටලීමකදී වත්තල ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 650 ක් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

04 Nov 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 06 සමඟ සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව 2019 නොවැම්බර් 04 වන දින පුත්තලම, පාලවිය ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 06 ක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

04 Nov 2019

නාවික හමුදා ‍මෙහෙයුමකින් වෝටර් ජෙල් කූරු තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 03 වන දින එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

04 Nov 2019

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 03 වන දින ත්‍රිකුණාමලය, බැක්බේ මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

04 Nov 2019

කිලෝග්‍රෑම් 224 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් දකුණු මුහුදු තීරයේදී කිලෝග්‍රෑම් 224 කට අධික වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් 2019 නොවැම්බර් 03 වන දින නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.

04 Nov 2019