නාවික හමුදා ‍මෙහෙයුමකින් වෝටර් ජෙල් කූරු තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 03 වන දින එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය විසින් එරක්කන්ඩි වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීමකදී අතහැර දමා ගොස් තිබූ මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් වීය. එහිදී, විදුලි නොවන ඩෙටනේටර් 04 ක්, වෝටර් ජෙල් කූරු 10 ක් සහ අඟල් 21 ක් දිගැති ආරක‍්‍ෂිත වෙඩි නූල් 04 ක් සොයා ගන්නා ලද අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය ආරක්‍ෂිතව නාවික හමුදා බාරයේ තබා ඇත.