බෙලිඅත්ත භවාලෝක භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම සදහා නාවික හමුදා දායකත්වය

බෙලිඅත්ත භවාලෝක භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨීණ පිංකම මෙවරත්, බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 නොවැම්බර් මස 02 සහ 03 වන දිනයන්හි පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

ඒ අනුව, භවාලෝක භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය වලස්මුල්ලේ ගුණරත්න නාහිමියන් ගේ උපදෙස් මත කඨිණ පිංකමට සමගාමිව සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශණයක් පැවැති අතර, එහිදී සටනේදී දිවි පිදූ රණවිරුවන් හට පුන්‍යානුමෝදනා කිරීම සහ සියළු නාවික පුද්ගලයන් හට ආශිර්වාද කිරීම සහ මාතෘ භූමියට සෙත් පැතීම ද සිදු කෙරිණි. අනතුරුව කඨිණ චීවරය රැගත් අලංකාර පෙරහැර තංගල්ල ප්‍රදේශයේ සිට බෙලිඅත්ත භවාලෝක භාවනා මධ්‍යස්ථානය දක්වා පැමිණෙන ලද අතර, මෙම අවස්ථාව සදහා බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. කඨින චිවර පුජාව සිදුකිරිමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක් ද පැවැත්විණි.

මෙම වාර්ෂික කඨිණ පිංකම සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දක්වනු ලැබූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් භවාලෝක භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති සහ බැතිමතුන් විසින් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත සිය ප්‍රශංසාව පුද කර සිටියහ.

මෙම කඨිණ පුණ්‍ය උත්සවය සඳහා නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.