නාවික හමුදා මුලස්ථානයේ නව ක්‍රියාකාරී මෙහෙයුම් මැදිරිය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

නාවික හමුදා මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද නව ක්‍රියාකාරී මෙහෙයුම් මැදිරිය විවෘත කිරීම අද (නොවැම්බර් 05) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් සිදු කෙරුණි.

ඒ අනුව, මෙය නාවික හමුදාව සතු ප්‍රධාන ක්‍රියාකාරී මෙහෙයුම් මැදිරිය වන අතර, නවීන තාක්ෂණික උපාංග වලින් සමන්විත වේ.

මෙම ක්‍රියාකාරී මෙහෙයුම් මැදිරිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිරාජ ආටිගල සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වී සිටියහ.