ශ්‍රී ලංකාවේ රුසියානු ආරක්ෂක උපදේශක දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් ඩිනේෂ් අයි ස්කෝඩා (Denis I. Shkoda) 2019 නොවැම්බර් මස 04 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් ඩිනේෂ් අයි ස්කෝඩා සහ ශ්‍රී ලංකාවේ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක, දකුණු නාවික විධාන මුලස්ථානයේදී ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අනුර ධනපාල විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, නියෝජ්‍ය ආඥාපති විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආරක්ෂාව සහ දකුණු නාවික විධානයේ කාර්යභාරය පිළිබඳව රුසියානු ආරක්ෂක නියෝජිතයින් දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පහසුකම් හා ආරක්ෂක නිලධාරී (PFSO) කොමදෝරු අශෝක විජේසිරිවර්ධන ඇතුළු දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගී විය.