හම්බන්තොට ප්‍රදේශයේදී නීති විරෝධී ගිනි අවියක් සහ ගංජා පැල ළඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 නොවැම්බර් 05 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ කාට්රේජයක් සහ ගංජා පැල නාවික හමුදා බාරයට ගෙන ඇත.

දකුණු නාවික විධානය සහ ගොන්නෝරුව, පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව හම්බන්තොට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරික්ෂණය කර ඇති අතර, එම එම පුද්ගලයා පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔහු ලඟ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ කාට්රේජයක් සහ ගංජා පැල නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම සැකකරු වයස අවුරුදු 53 ක් වන හම්බන්තොට ප්‍රදේශයෙහි පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරු, බෝර 12 වර්ගයේ ගිනි අවිය, බෝර 12 වර්ගයේ කාට්රේජය සහ ගංජා පැල ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.