වෙහෙරගල ජලාශයේ වාන්දොරටු අළුත්වැඩියාව සඳහා නාවික හමුදාව සහායවෙයි

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 04 වන දින තණමල්විල, වෙහෙරගල ජලාශයේ කාර්මික දෝශයකට ලක්ව අක්‍රීයව පැවති වාන් දොරටුව පිළිසකර කිරීමට සමත්විය.

ඒ අනුව මෙම ජලාශයේ වාන් දොරටු එසවීම සඳහා ඇති යන්ත්‍රයේ කාර්මික දෝශයක් හේතුවෙන් එක් වාන් දොරටුවක් එසවීමට නොහැකිව ඇති බව නාවික හමුදා මූලස්ථානයට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබිණි.

එහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත දකුණු නාවික විධානයේ නාවිකයින් පිරිසක් එම ස්ථානය වෙත කඩිනමින් යවා වෙහෙරගල ජලාශයේ වාන් දොරටුවේ සිරවී තිබූ කේබලයේ කොටස් ඉවත් කර අක්‍රිය වී තිබූ වාන් දොරටුව පිළිසකර කිරීමට සමත් විය.