හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ මන්නාරම, කොට්ඨාශ මර්ධන ඒකකය එක්ව 2019 නොවැම්බර් 06 වන දින මන්නාරම, ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් 2432 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානය සහ මන්නාරම, කොට්ඨාශ මර්ධන ඒකකය එක්ව මන්නාරම, ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී හක්බෙල්ලන් තොගයක් නිවසක සගවා තිබියදී පුද්ගලයෙකු සමඟ නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයා සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, කොට්ඨාශ මර්ධන ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, ධිවර හා ජලජ සම්පත් පනතට අනුව මිලි මීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිනීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිනීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.