වැදගත් සිදුවීම්

තහනම් ධීවර දැල් 38 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ යාපනය විශේෂ කාර්ය බලකාය එක්ව අද ( නොවැම්බර් 07) යාපනය ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී තහනම් ධීවර දැල් 38 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

07 Nov 2019

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී (David Holly) අද ( නොවැම්බර් මස 07 ) දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

07 Nov 2019

රියර් අද්මිරාල් නිරාජ ආටිගල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් නිරාජ ආටිගල සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද දින (නොවැම්බර් 07) විශ්‍රාම යන ලදී.

07 Nov 2019

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු (08) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 06 වන දින ත්‍රිකුණාමලය, කෝකිලායි මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අට දෙනෙකු (08) නාවික හමුදා බාරයට ගෙන ඇත.

07 Nov 2019

මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 06 වන දින මන්නාරම, පෙරියකරසාල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ‍හෙරොයින් මිලිග්‍රෑම් 335 ක් සහ කේරළ ගංජා මිලිග්‍රෑම් 2910 ක් ලඟ තබාගත් පුද්ගලයින් පස් දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

07 Nov 2019

හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ මන්නාරම, කොට්ඨාශ මර්ධන ඒකකය එක්ව 2019 නොවැම්බර් 06 වන දින මන්නාරම, ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් 2432 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

07 Nov 2019

අභිනවයෙන් ඉදිකළ නාවික හමුදා සංගමයේ “සිහිනය” නිවාඩු නිකේතනය විවෘත කෙරේ

නාවික හමුදා සංගමය විසින් දියතලාවේ ඉදිකරන ලද “ සිහිනය” නිවාඩු නිකේතනය 2019 නොවැම්බර් 06 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

07 Nov 2019