ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී (David Holly) අද ( නොවැම්බර් මස 07 ) දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් දකුණු නාවික විධාන මුලස්ථානයේදී දකුණු ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අනුර ධනපාල විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර,ඔවුන් සමඟ සුහද සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක ගෲප් කැප්ටන් සෝන් අන්වින් (Sean Unwin) සහභාගි විය.