තහනම් ධීවර දැල් 38 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ යාපනය විශේෂ කාර්ය බලකාය එක්ව අද ( නොවැම්බර් 07) යාපනය ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී තහනම් ධීවර දැල් 38 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ යාපනය විශේෂ කාර්ය බලකාය එක්ව යාපනය නගරය ආශ්‍රිතව සිදුකරන ලද සෝදිසි කිරීමකදී ධිවර ආම්පන්න වෙළඳ සැලක විකිණිම සඳහා සුදානම් කර තිබු නීති විරෝධී තහනම් නයිලෝන් ධීවර දැල් 38 ක් සමඟ වෙළඳසැල් හිමිකරු නාවික හමුදා බාරයට ගෙන ඇත.

එලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 62 ක් වන යාපනය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, එම පුද්ගලයා සහ ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර අධ්‍යක්ෂක වෙත බාරදෙන ලදි.