නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 නොවැම්බර් 07 වන දින මිද්දෙණිය, ප්‍රදේශයේ සිදුකරණ ලද වැටලිමකදී විදේශීය දුම්වැටි 1200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය සහ අම්බලන්තොට, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මිද්දෙණිය නගරය ආශිත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ත්‍රී රෝද රථයක් මඟින් ප්‍රවාහනය කරමින් සිටි නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 60 ක් සමඟ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී සිදුකරන ලද වැඩිදුර පරික්ෂණ වලදි දුම්වැටි 1200 ක් තිබී සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 40 ක් වන වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. මෙම පුද්ගලයා, නීති විරෝධී දුම්වැටි සහ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු මිද්දෙණිය, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

තවද, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව ඇත.