සංහිඳියා ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද “ග්‍රාම ශක්ති ” ගොඩනැගිල්ල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කයිට්ස් දුපතේ නාරන්තනායි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද “ග්‍රාම ශක්ති ” ගොඩනැගිල්ල 2019 නොවැම්බර් 07 වන දින කයිට්ස්, ප්‍රා‍දේශිය ලේකම්, මන්චුලාදේවි සතීසන් මහත්මිය විසින් විවෘත කෙරුණි.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ “සංහිඳියාව” සංකල්පයේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස මෙම ගොඩනැගිල්ල උතුරු නාවික විධානයේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද අතර, මෙහි ඉදිකිරීම් සඳහා ශ්‍රම දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රා‍දේශිය ලේකම් ඇතුළු ප්‍රදේශයේ ජනතාව සිය හෘදයාංගම ස්තූතිය සහ ප්‍රශංසාව නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික ‍හමුදාව වෙත පිරිනමන ලදී.

එම අවස්ථාව සඳහා ශ්‍රීලංනානෞ කන්චදේව ආයතනයේ නාවික පුද්ගලයින් සහ කයිට්ස්, ප්‍රා‍දේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහභාගීවී සිටියහ.