හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව ‌සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ වැටලීමකදී 2019 නොවැම්බර් 07 වන දින රඹෑව ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 980 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ සෙට්ටිකුලම්, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ වැටලීමකදී සැකකටයුතු යතුරු පැදියක් නිරික්‍ෂණය කර ඇති අතර, එම යතුරු පැදිය පරික්‍ෂාවට ලක් කිරීමේදී එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් ලඟ තිබි අලෙවි කිරීම සඳහා රැගෙන යනු ලබන හෙරොයින් මිලිග්‍රෑම් 980 ක් සොයා ගැනීමට සමත්ව ඇත. මෙම හොරොයින් ප්‍රමාණය, පුද්ගලයින් සහ යතුරු පැදිය නාවික හමුදා බාරයට ගෙන ඇති අතර,ඔවුන් වයස අවුරුදු 26 ත් 41 ත් අතර වියෙහි පසුවන අනුරාධපුර පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින්, යතුරු පැදිය සහ හොරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මැදවච්චිය පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.