බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 904.6 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 08) තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේදී පාර්සල් 21 ක අසුරා තිබු බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 904.6 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, එය පරික්ෂා කිරිමේදි එහි සැකකටයුතු පාර්සල් 21 ක අසුරා තිබු බීඩී කොළ කිලෝග්‍රෑම් 904.6 ක් සොයාගෙන ඇත. මෙම සොයාගන්නා ලද බිඩීකොළ තොගය එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු, ඩිංගි යාත්‍රාව සහ ආම්පන්න කිහිපයක් නාවික හමුදා බාරයටගෙන ඇත.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 33 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මෙම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, බීඩිකොළ තොගය සහ ආම්පන්න ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාරදෙන ලදි.