දේශිය ගංජා කිලෝග්‍රෑම් තුනක් (3) ක් ලඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පට්ටියපොල, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 නොවැම්බර් 08 වන දින රන්න, ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශීය ගංජා කිලෝග්‍රෑම් තුනක් (3) සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය සහ පට්ටියපොල, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව රන්න ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්ෂණය කර ඇති අතර, ඔහු පරීක්ෂා කිරීමේදි මෙම දේශීය ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත. මෙලෙස සොයාගන්නා ලද දේශීය ගංජා ප්‍රමාණය, පුද්ගලයා නාවික හමුදා බාරයට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 22 ක් වන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන ඇත.

මෙම දේශීය ගංජා ප්‍රමාණය සහ පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා හුන්ගම, පොලිසිය වෙත භාරදෙන ලදී.