කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 08 වන දින චුන්ඩිකුලම් වෙරළ ප්‍රදේශ‍යේ සිදු කළ පා මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් අසූ තුනක් (83) ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් චුන්ඩිකුලම් වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද පා මුර සංචාරයකදී වෙරළට ගොඩගසා තිබු සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරීක්ෂණය කර ඇති අතර, ඒවා පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත. මෙලෙස සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය නාවික හමුදා බාරයට ගන්නා ලද අතර, ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෙයි, පොලිසිය වෙත භාරදෙන ලදී.