දියේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 08 වන දින පෙහෙඹිය මුහුදු ප්‍රදේශයේ රළට හසු වී අතුරුදහන් වූ තරුණයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.

ඒ අනුව පෙහෙඹිය මුහුදු ප්‍රදේශයේ රළට හසු වී පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බවත්, එම පුද්ගලයා සෙවීමේ කටයුතු සඳහා නාවික හමුදා සහාය ලබා දීමට කටයුතු කරන ලෙසත් දික්වැල්ල, පොලීසිය විසින් නාවික හමුදාව වෙත දැනුම්දී ඇති අතර, ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව මෙම කර්තව්‍ය සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් පිරිසක් අදාල ස්ථානය වෙත කඩිනමින් යොමු කිරීමට කටයුතු කරන ලදී.

එම පිරිස විසින් තරුණයාගේ මෘත දේහය සොයා ගන්නා ලද අතර, එම මෘත දේහය දික්වැල්ල, පොලිස් ස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දීමට කටයුතු කරන ලදී.