නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 26 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 26 වන සංවත්සරය ත්‍රිකුණාමලයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී 2019 නොවැම්බර් 09 වන දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

ඒ අනුව ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් ධර්ම දේශනයක් හා උදෑසන ගරුතර මහා සංඝරත්නය තිස් නමක් විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක්ද පැවැත්විණි. අනතුරුව මාතෘ භූමිය ආරක්ෂා කිරීම උදෙසා සිය ජීවිතය පූජා කළ විශේෂ යාත්‍රා බලඝණ රණවිරුවන් සිහිකිරීම පිණිස ඉදිකරන ලද රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකරන ලදී.

මෙම අවස්ථාව සඳහා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති,රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.