වැදගත් සිදුවීම්

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 26 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 26 වන සංවත්සරය ත්‍රිකුණාමලයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී 2019 නොවැම්බර් 09 වන දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

10 Nov 2019

මකුළුව බුදධසිංහාරම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම සදහා නාවික හමුදාවේ දායකත්වය

ගාල්ල මකුළුව බුදධසිංහාරම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨීන පිංකම මෙවරත්, බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 නොවැම්බර් මස 08 සහ 09 වන දිනයන්හි පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

10 Nov 2019

දියේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 08 වන දින පෙහෙඹිය මුහුදු ප්‍රදේශයේ රළට හසු වී අතුරුදහන් වූ තරුණයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.

10 Nov 2019

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 09 වන දින නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

10 Nov 2019