තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 10) ත්‍රිකුණාමලය එලිසබෙත් දූපත මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ මෙම පුද්ගලයින් නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 31 ත් 46 ත් අතර පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් , ධීවර ආම්පන්න කිහිපයක් සහ මීටර් 225 දිගැති තහනම් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මෙවැනි නීති විරෝධී ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම තුලින් සාගර සම්පත් විශාල වශයෙන් විනාශයට පත්වන අතර, එබැවින් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.