අනවසර සංක්‍රමණිකයින් අටදෙනෙකු (08) තලෙයිමන්නාරමේදී නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රීලාංකික පුද්ගලයින් අටදෙනෙකු (08) අද (නොවැම්බර් 11) අළුයම තලෙයිමන්නාරම, වැලිපර 07 ප්‍රදේශයේදී නාවික හමුදා බාරයට ගන්නා ලදී.

ඒ අනුව උතුරුමැද නාවික විධානය විසින් සිදු කරන ලද මුර සංචාරයකදී වැලිපර 07 ප්‍රදේශයේදී අනවසරයෙන් ශ්‍රීලංකා‍වේ සිට මුහුදු මගින් ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කල දමිළ ජාතික පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙලෙස නාවික හමුදා බාරයට ගත් පිරිස අතර, වැඩිහිටි පිරිමි පස්දෙනෙකු සහ එක් කාන්තාවක්ද පිරිමි සහ ගැහැණු දරුවන් දෙදෙනෙකුද සිටියි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරමින් පවතින අතර, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර සෝදිසි කිරීම් හේතුවෙන් අනවසර සංක්‍රමණිකයන් සහ මිනිස් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදාව සමත් වී ඇත.