වැදගත් සිදුවීම්

බිඩී කොළ කිලෝග්‍රෑම් 873 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 10 සහ 11 යන දින වල තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරයට දකුණු දෙසින් හා බටහිර දෙසින් වු මුහුදු ප්‍රදේශයන් ආශ්‍රිතව සිදුකල සෝදිසි කිරිමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 873 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

11 Nov 2019

“යාල්පානම් ආහාර සැණකෙළිය” - 2019 උතුරු නාවික විධානයේදී

“යාල්පානම් ආහාර සැණකෙළිය” 2019 යන තේමාව ඔස්සේ සංවිධානය කල සූපශාස්ත්‍ර තරඟය 2019 නොවැම්බර් 09 වන දින ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේදී පවත්වන ලදී.

11 Nov 2019

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය විහාර මහා දේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී

මාතෘභූමියේ වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය 2019 නොවැම්බර් 10 කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ද සහභාගී විය.

11 Nov 2019

බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද ( නොවැම්බර් 11) ඉරණමාතානගර් ප්‍රදේශයේදී සිදුකල සෝදිසි කිරීමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

11 Nov 2019

අනවසර සංක්‍රමණිකයින් අටදෙනෙකු (08) තලෙයිමන්නාරමේදී නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රීලාංකික පුද්ගලයින් අටදෙනෙකු (08) අද (නොවැම්බර් 11) අළුයම තලෙයිමන්නාරම, වැලිපර 07 ප්‍රදේශයේදී නාවික හමුදා බාරයට ගන්නා ලදී.

11 Nov 2019

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 10) ත්‍රිකුණාමලය එලිසබෙත් දූපත මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

11 Nov 2019