ශ්‍රීලංකා නාවික හමුදාව සිස්කො නෙට්වර්කින් ඇකඩමි (CISCO Networking Academy) වැඩසටහන සමඟ අත්වැල් බැඳගනි

ජාල සැකසුම් කිරීම, ගොඩනැංවීම සහ නඩත්තු කිරීම සඳහා අවශ්‍ය නිපුනතාවය සහ දැනුම ඇති පුද්ගලයින් සඳහා පවතින ඉල්ලුම සපුරාලීම සඳහා සිස්කෝ (CISCO) සමාගම ලොවපුරා සිස්කො නෙට්වර්කින් ඇකඩමි (CISCO Networking Academy) වැඩසටහන දියත් කර ඇත. එසේම මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රීලංකා නාවික හමුදාව 2019 නොවැම්බර් 06 වන දින එක්සත් රාජධානියේ සිස්කෝ (CISCO) ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

ඒ අනුව, මෙම අව‍බෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ සහ සිස්කෝ (CISCO) සමාගම වෙනුවෙන් ආසියා, පැසිපික්, ජපානය, යුරෝපීය සහ මැදපෙරදිග කලාප භාර අධ්‍යක්ෂ පියෝටර් සෙනන් ප්ලුටා සහභාගි විය. තවද,මෙම අවස්ථාව සඳහා සිස්කෝ (CISCO) ආයතනය නියෝජනය කරමින් අධ්‍යක්ෂ කලමනාකරණ මුල්‍ය ක්‍රිස්ටෝසර් මාර්ක්ස් වෝටර්ස් මහතා, එහි දකුණු ආසියානු කලාපීය කලමණාකරු මුරුගන් වාසුදේවන් සහ සාක් කලාපීය වැඩසටහන් කලමනාකාරිණී කල්හාරි කලුආරචිචි මහත්මිය ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද එක්විය.

මෙම වැඩසටහන මගින් නාවික පුද්ගලයන්ට අවශය තොරතුරු කාත්ෂණ අවශ්‍යතා සයිබර් ආරක්ෂක අවශ්‍යතා අන්තතර් ජාලය පිළිබඳ කටයුතු සහ තවත් බොහෝ තාක්ෂණික පුහුණු වැඩසටහන් නාවික හමුදාව තුලින්ම ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත. තවද මෙමගින් නාවික හමුදාවේ තරුණ ඉංජිනේරුවන්ගේ සහ කාර්මික ශිල්පින්ගේ වෘර්තිමය භාවයද ඉහල නැන්වීමට හේතු වනු ඇත.