නාවික හමුදා මෙහෙයුමකින් බීඩි කොළ කිලෝග්‍රෑම් 65 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 11 වන දින මණ්ඩතිව් දුපතට ඊශාන දෙසින් වූ කලපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 65.35 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු නාවික විධානය විසින් මණ්ඩතිව් දුපතට ඊශාන දෙසින් වූ කලපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුර ජලයේ යටවී තිබූ සැක කටයුතු පාර්සලයක් නිරික්‍ෂණය කර ඇත. එහිදී එම පාර්සලය පරික්‍ෂා කිරීමේදී එහි තුල තිබි මෙම බීඩී කොළ තොගය සොයා ගැනීමට සමත්ව ඇති අතර, සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

තවද, පසුගිය දින කිහිපය පුරාම නාවික හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කර බීඩි කොළ විශාල ප්‍රමාණයක් මෙන්ම ජාවාරම්කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව සමත්ව ඇති අතර, ඉදිරියේදීත් මෙවැනි අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.