කෝකිලායි, අරිසිමලෙයි ප්‍රදේශයෙන් පුද්ගල නාශක බෝම්බයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් කෝකිලායි, අරිසිමලෙයි ප්‍රදේශයේ 2019 නොවැම්බර් 11 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුමකදි පුද්ගල නාශක බෝම්බයක් සොයා ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් කෝකිලායි, අරිසිමලෙයි ප්‍රදේශයේ තිබී මෙම පුද්ගල නාශක බෝම්බය සොයා ගෙන ඇති ‍ අතර, අදාල බෝම්බය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ, පොලිසිය වෙත භාර දිමට කටයුතු කරන ලදී.