කොමදෝරු ප්‍රසන්න මහවිතාන නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

කොමදෝරු ප්‍රසන්න මහවිතාන ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් අද (2019 නොවැම්බර් 12) වැඩ භාර ගන්නා ලදී. නාවික හා සාගරික විද්‍යාපීඨ ආඥාපති කාර්යාලයේදී එතුමා සිය ධූරයේ වැඩ භාර ගත් අතර, 34 වන ආඥාපතිවරයා ලෙස කොමදෝරු මහවිතාන නාවික හා සාගරික විද්‍යාපීඨ ඉතිහාසයට එක් විය.

නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිරිනමමින් එතුමා නාවික හා සාගරික විද්‍යාපීඨයට පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. නව පත්වීම් ලැබ මාරු වී යන විද්‍යාපීඨ හිටපු ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස විසින් ආඥාපති ධූරයේ රාජකාරීන් එතුමන් වෙත නිසියාකාරව භාර දුන් අතර, කොමදෝරු කලණ ජිනදාස වෙත ද සම්මාන මුරයක් මඟින් ආචාරය පිරිනමමින් සමුදීම සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු විධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.