මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයකට අනුව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් නාවික හමුදාව විසින් සංවිධානය කර ඇත.

ඒ අනුව 2019 නොවැම්බර් මස 14 වන දින වයඹ නාවික විධානයේ සියලුම ආයතන නියෝජනය වන පරිදි ශ්‍රීලංනානෞ භරණ ආයතනයේදී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පවත්වන ලදී. අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු නිලධාරි, චාමර ප්‍රදීප් කරුණාරත්න මහතා විසින් දේශන මෙහෙයවන ලද අතර, ඒ සඳහා නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් සහභාගි විය.

සමාජයේ ගැටළුවක්ව පවතින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ ඉන් වැළකීම පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ අරමුණින් නාවික හමුදාව විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර, මෙම වැඩසටහනේදී දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව පිළිබඳවත් එයින් සිදුවන සමාජීය, ආර්ථිකමය හා පෞද්ගලික පරිහානිය, අහිතකර බලපෑම් ආදිය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් කරුණු සාකච්ඡා කරන ලදී