69 වන නාවික හමුදා සංවත්සරයට සමගාමිව කිතුනු ආගමික වැඩසටහනක් කලුවැල්ල දේවස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදි ඇති අතර, ඊට සමගාමීව ගාල්ල, කලුවැල්ල කතෝලික දේවස්ථානයේ දේව මෙහෙයක් සහ වෑන්රිත් අනුස්මරණ වැඩිහිටි නිවාසයේ දානමය වැඩසටහනක් අද (2019 නොවැම්බර් 14) පවත්වන ලදි.

ඒ අනුව, ගාල්ල කලුවැල්ල දේවස්ථානයේදී, සටනේදී දිවි පිදූ රණවිරුවන් හට පුන්‍යානුමෝදනා කිරීම, සියළු නාවික පුද්ගලයන් හට ආශිර්වාද කිරීම සහ මාතෘ භූමියට සෙත් පැතීම ද සිදු කෙරුණු අතර, එහි ප්‍රධාන දේව මෙහෙය කැමිලස් කුරේ පියතුමන් විසින් සිදු කරන ලදි. අනතුරුව ගාල්ල වෑන්රිත් අනුස්මරණ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටි මව්වරුන් සහ පියවරුන් 65 දෙනකු සඳහා දිවා ආහාරය පිරිනැමිම ද සිදු කරන ලද අතර මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර ආඥාපති ඇතුළු දකුණු නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගීවි සිටියහ.

මෙම සත්ක්‍රියාව සම්බන්ධයෙන් දේවස්ථානයේ පියතුමන් සහ වැඩිහිටි නිවාසය භාර පාලිකාව ඇතුළු පිරිස විසින් නාවික හමුදාව වෙත සිය ප්‍රශංසාව පුද කර සිටින ලදී. තවද, ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදා සියළු විධාන ආවරණය වන පරිදි සර්ව ආගමික කටයුතු, ප්‍රජා සත්කාරක සහ සමාජ සුභසාධන වැඩසටහන් රැසක් ද ඉදිරියේදි පැවැත්වීමට නියමිතය.