ඇෆ්ගනිස්ථානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති, අෂ්රෆ් හයිදාරි මහතා 2019 නොවැම්බර් 14 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් තානාපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව ඔවුන් සුහඳ පිළිසඳරක නිරත විය. එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා කල අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් විසින් තානාපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදි.