නාවික හමුදා ‍මෙහෙයුමකින් වෝටර් ජෙල් කූරු 03 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 15 වන දින නිලාවේලි, නවච්චෝලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට සමත් විය.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය විසින් නිලාවේලි, නවච්චෝලෙයි වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීමකදී වෙරළේ තිබූ ගලක් තුල සඟවා තිබූ මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට සමත් විය.

එහිදී, වෝටර් ජෙල් කූරු 03 ක්, විදුලි නොවන ඩෙටනේටර් 04 ක්, සහ ආරක‍්‍ෂිත වෙඩි නූල් 02 ක් සොයා ගන්නා ලද අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය ආරක්‍ෂිතව නාවික හමුදා බාරයේ තබා ඇත.