අතහැර දමා තිබූ පුද්ගල නාශක බෝම්බයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් මාදගල්තුරෙයි සහ සම්බිලිතුරෙයි අතර වෙරළ තීරයේ 2019 නොවැම්බර් 17 වන දින සිදුකල පා මුර සංචාරයකදී පුද්ගල නාශක බෝම්බයක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් මාදගල්තුරෙයි සහ සම්බිලිතුරෙයි අතර වෙරළ තීරයේ තිබී මෙම පුද්ගල නාශක බෝම්බය සොයා ගෙන ඇති ‍ අතර, අදාල බෝම්බය ආරක්‍ෂිතව නාවික හමුදා බාරයේ තබා ඇත.