ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස ඇති නුවර වැවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 17 වන දින ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස ඇති නුවර වැවේ නිතී විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපස ඇති නුවර වැවේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී බිලි පිත්තක් යොදාගෙන ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් බිලි පිති 02 ක් සහ මසුන් කිලෝග්‍රෑම් 08 ක් ද නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික බාරයට ගත් සැකකරු මහනුවර, බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

තවද, එම සැකකරු, බිලි පිති සහ අල්ලන ලද මසුන් ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී දළදා මාලිගාව පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.