අවසරපත් නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 18 වන දින කොළඹ, ගාලු මුවදොර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය විසින් කොළඹ, ගාලු මුවදොර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී අවසරපත් නොමැතිව පොකිරිස්සන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, පොකිරිස්සන් 07 ක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම සැකකරුවන් වයස අවුරුදු 23 වන වියෙහි පසුවන දෙහිවල සහ රත්මලාන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම සැකකරුවන්, යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, පොකිරිස්සන් ‍සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා වරාය පොලීසිය වෙත භාරදිමට කටයුතු කෙරුණි.