නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 19 වන දින ත්‍රිකුණාමලය, ඉලන්තට්ටුනු තුඩුව ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, ඉලන්තට්ටුනු තුඩුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි‍ මෙහෙයුමක් අතරතුරදි සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂනය කර, එය පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී නීති විරෝධි ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර ධීවර කටයුතුවල නිරත වූ මෙම පුද්ගලයින් නාවික බාරයට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, ‍විදුලි ජනක යන්ත්‍රයක් සහ විදුලි බල්බ 05 ක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් අවුරුදු 35 සහ 48 වන වියෙහි පසුවන පුන්නයාඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින්, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, විදුලි ජනක යන්ත්‍රය, විදුලි බල්බ සහ අනෙකුත් ධීවර ආම්පන්න ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.