නීති විරෝධී ‍ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 19 වන දින වාකරේ, සල්ලතිව් වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට උත්සාහ කල පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් වාකරේ, සල්ලතිව් වෙරළ තීරයේදී තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලීමට සුදානම්ව සිටියදී මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට උත්සාහ කල මිටර් 144 ක් දිගැති තංගුස් දැලක් සහ ඊයම් බරු 95 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට පත් පුද්ගලයින් වයස අවුරුදු 36 ක් සහ 39 ක් වන ඊචලම්පත්තු සහ සල්ලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, ඊයම් බරු සහ තහනම් දැල ඉදිරි විමර්ශන කටයුතු සඳහා මඩකලපුව, ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.