වැදගත් සිදුවීම්

පානදුර, ළදරු නිවාසයේ දරුවන්ගේ සුවදුක් විමසිමට නාවික හමුදා සාමාජිකයින් එක්වෙයි

ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අභිමානවත් 37 වන සංවත්සරය එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදී ඇති අතර, එය නිමිති කර ගනිමින් ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් මහේෂ් ද සිල්වා ඇතුළු නැව් මුළුව විසින් ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

23 Nov 2019

නාවික හමුදාව පැල සිටුවීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය සපයයි

එලායන්ස් ෆිනෑන්ස් (පුද්) සමාගම ‍විසින් සංවිධානය කරනු ලබන ‘සමගිය වෙනුවෙන් පැල මිලියනයක්’ ව්‍යාපෘතිය 2019 නොවැම්බර් 22 වන දින යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

23 Nov 2019

69 වන නාවික දිනයට සමගාමිව ක්‍රිස්තියානි දේව මෙහෙයක් කොළඹදී

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සර සැමරුම එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදි ඇති අතර, ඒ අනුව නාවික හමුදා දිනයට සමගාමිව පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය 2019 නොවැම්බර් 22 වන දින කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදී පැවැත්විණි.

23 Nov 2019

ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම 2019 නොවැම්බර් 22 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

23 Nov 2019