Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය 2019 නොවැම්බර් 24 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩි බේ ගොල්ෆ් පිටියේදී (Sandy Bay golf course ) පවත්වන ලදී. මෙම තරඟාවලිය ආධුනික, නිලධාරි සහ ශූරතා වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර, ආධුනික කාණ්ඩයට ප්‍රධාන තරඟාවලීන් සඳහා ක්‍රීඩා නොකළ නාවික හමුදා නිලධාරින් සහ නැවියන් සහභාගීවි සිටියහ. නිලධාරි කාණ්ඩය සඳහා පුහුණුවන නිලධාරින් ඇතුළුව අනෙකුත් නිලධාරින් තරඟ කරන ලදී. තවද, ශූරතා කාණ්ඩය සඳහා ගොල්ෆ් ක්‍රීඩාවට දක්‍ෂ නාවික හමුදා ක්‍රීඩකයින් සහභාගී වූ අතර, තරඟාවලිය සඳහා නිලධාරීන් 13 දෙනෙක් සහ නාවිකයින් 11 දෙනෙක් සහභාගි වූහ

නැගෙනහිර නාවික ප්‍රදේශය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. තවද, තරඟාවලියේදී ක්‍රීඩකයින් මතු සඳහන් ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වන ලදී.

ශූරතා කාණ්ඩය

ශූරතාවය : නායක ශාරිරික අභ්‍යාස ඩබ්එන් විද්‍යාරත්න
පළමු අනුශූරතාවය : සාමාන්‍ය නැවි ජීඅයි ඩිල්රංග
දෙවන අනුශූරතාවය : බල නැවි ආර්ඩිසි රාජපක්ෂ
ගොල්ෆ් සිදුරට ආසන්නයට ‍ ගොල්ෆ් පන්දුව යොමු කිරීම : නායක ශාරිරික අභ්‍යාස ඩබ්එන් විද්‍යාරත්න

නිලධාරි කාණ්ඩය

ශූරතාවය : කොමදෝරු කේකේ බෝඹුගලගේ
පළමු අනුශූරතාවය : කොමාණ්ඩර් ජේඑච්අයිටි ජයවර්ධන
දෙවන අනුශූරතාවය : කොමදෝරු කේඑම්එම්පි කරුණාතිලක

ආධුණික කාණ්ඩය

ශූරතාවය : කොමාණ්ඩර් ජේඑච්අයිටි ජයවර්ධන
පළමු අනුශූරතාවය : කොමාණ්ඩර් ඩිඑස් බරත්
දෙවන අනුශූරතාවය : කොමාණ්ඩර් එම්ඒකේ සේනාධීර