නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 නොවැම්බර් 26 වන දින බත්තරමුල්ල ප්‍රදේශයේ සිදුකල වැටලිමකදී විදේශීය දුම්වැටි බණ්ඩල 13ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාව සහ ජයවර්ධනපුර, පොලිස් විශේෂ කාර්ය බළකා පලමු අපරාධ ඒකකය එක්ව බත්තරමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි බණ්ඩල 13 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 33ක් සහ 43 ක් වන කොළඹ10 සහ මහරගම ප්‍රදේශයන් වල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අදාල පුද්ගලයන් සහ නීති විරෝධී දුම්වැටි තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා තලන්ගම, පොලිසිය වෙත භාරදෙන ලදි.

තවද, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව ඇත.