අඹේවෙල කන්දේඇල ජලාශයේ සිදුරු වු සොරොව්ව පිළිසකර කිරීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 27 වන දින අඹේවෙල කන්දේඇල ජලාශයේ සිදුරු වු සොරොව්ව නැවත පිළිසකර කිරිම සඳහා නාවික හමුදා සහාය විය.

ඒ අනුව, නාවික හමුදා කිමිඳුම් අංශයේ කණ්ඩායමක් විසින් අඹේවෙල කන්දේඇල ජලාශයේ සොරොව්වේ ජල මට්ටමේ සිට අඩි 18 ක් පමණ ගැඹුරින් දිග අඩි එකක් හා පළල අඟල් හතරක් පමණ ප්‍රමාණයකින් යුතු සිදුරක් හටගැනීම හේතුවෙන් අධික පීඩනයකින් එම සිදුර තුලින් ජලය පිටවීමේ සහ එම සිදුර ක්‍රමක්ක්‍රමයෙන් විශාල වීමේ දැඩි අවධානමකට හේතු වූ අතර, පුරා තෙදිනක් වෙහෙසකාරී පරිශ්‍රමයකින් ‍සිදුරු වූ සොරොව්ව පිළිසකර කොට නැවත යථා තත්වයට පත් කරන ලදී.