අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2019 නොවැම්බර් 30) උදෑසන මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඔහු හා යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී යාත්‍රාවේ දැල් ආම්පන්න තුල තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680 ක් සොයා ගෙන ඇත. එහිදී එම සැක කටයුතු පුද්ගලයා යාත්‍රාව ද සමග නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන ඇත.

නාවික හමුදාව සිදු කල වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත්, මොහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන ජාවාරම්කරුවෙකු බවත් කරුණු අනාවරණය කරගෙන ඇත. එම සැකකරු, යාත්‍රාව සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.