වෙරළ තීරයේ සඟවා තිබූ බීඩි කොළ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 02) අළුයම තුනුක්කායි ප්‍රදේශයේ ඉලුප්පුකඩවායි, සිප්පිආරු වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 297.7 සොයා ගැනීමට සමත්ව ඇත.

නාවික හමුදාව විසින් දිවයින වටා වූ වෙරළ තීරයේ සිදු කරනු ලබන මෙහෙයුමක් අතරතුරදී ඉලුප්පුකඩවායි, සිප්පිආරු වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීමකදී වෙරළට ඔබ්බෙන් වූ කැලෑවක් තුල සඟවා තිබූ සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරීක්‍ෂණය කර ඇත. එහිදී පාර්සල් 08 ක් සොයාගෙන ඇති අතර, එම පාර්සල් පරීක්‍ෂා කිරීමේදී එහි තුල තිබී මෙම බීඩි කොළ තොගය සොයා ගැනීමට සමත්ව ඇත. සොයා ගන්නා ලද එම බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාව විසින් පසුගිය කාලයේ සිදු කරන ලද මෙහෙයුම් මඟින් බීඩි කොළ ජාවාරම් සිදු කරනු ලබන ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත් වූ අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.