ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස ඇති නුවර වැවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 01 වන දින ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපස ඇති නුවර වැවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපස ඇති නුවර වැවේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධී අන්දමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී මසුන් කිලෝග්‍රෑම් 15 ක් ද නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික බාරයට ගත් සැකකරුවන් මහනුවර, මයිලපිටිය සහ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

තවද, එම සැකකරුවන් සහ අල්ලන ලද මසුන් ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී දළදා මාලිගාව පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.