ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව සාර්ථක සංචාරයකින් පසු ත්රිකුණාමලය වරායෙන් පිටත්වෙයි
පුහුණු සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 25 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව අද (2019 දෙසැම්බර් 03) ත්රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී.
‘නිරීක්ෂක්’ නෞකාවේ නැව් මුළුව මෙරට රැදී සිටි කාල සීමාව තුළදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයකට එක් වූ අතර, නෞකාවේ කිමිදුම් නාවිකයන් ශ්රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශය සමඟ එක්ව එකාබද්ධ පුහුණුවකට ද එක්විය.
මෙම පුහුණු සංචාරය මඟින් ශ්රී ලංකා සහ ඉන්දිය නාවික හමුදාවන් අතර, සහයෝගිතාවය වැඩිදියුණු කිරීම මෙන්ම දැනුම සහ අත්දැකිම් හුවමාරු කර ගැනිමට ද අවස්ථාව හිමි විය.
|
|













