ආරක්‍ෂක අංශයේ නිල ඇදුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට

නාවික හමුදාව ‌සහ පොලිසිය එක්ව 2019 දෙසැම්බර් 03 වන දින වත්තල ප්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් භාවිතා කරනු ලබන නිල ඇදුම් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාවසහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සිදු කරනු ලබන එකාබද්ධ මෙ‍හෙයුම් අතරතුර වත්තල ප්‍රදේශයේයොදා ඇති මාර්ග බාධකය අසලදි මිගමුව සිට කොළඹ දක්වා ගමන්ගත් සැක කටයුතු ලොරි රථයක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී එම රථය පරික්‍ෂාවට ලක් කිරීමේදී රථයේ තිබී සිවිල් ආරක්‍ෂකබලකායේ සාමාජිකයින් භාවිතා කරනු ලබන නිල ඇදුම් තොගයක් හමුවී ඇත. තවද, කරුණු විමසිමේදී ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ජාතික හැදුණුම්පතක් හෝ රියදුරු බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අපොහෝසත්ව ඇති අතර, එහිදී මෙම සැකකරු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

එම සැකකරු අවුරුදු 23 වන වියෙහි පසුවන කුඩලුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරු, ලොරි රථය සහ නිලඇදුම් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු වත්තල, පොලිසිය විසින් සිදුකරනු ලබයි.