වැදගත් සිදුවීම්

මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 03 වන දින කල්පිටිය, කුඩාව සහ අම්මාතොට්ටම් ප්‍රදේශයන්හි සිදු කළ වැටලිම්වලදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

04 Dec 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පාලවිය, උළුක්කපල්ලම් ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 03 වන දින සිදුකල ‍වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

04 Dec 2019

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 03 වන දින කල්පිටිය, කිඹුල්බොක්ක ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා භාරයට ගෙන ඇත.

04 Dec 2019

ආරක්‍ෂක අංශයේ නිල ඇදුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට

නාවික හමුදාව ‌සහ පොලිසිය එක්ව 2019 දෙසැම්බර් 03 වන දින වත්තල ප්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් භාවිතා කරනු ලබන නිල ඇදුම් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

04 Dec 2019