ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් කොළඹදී

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 04 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් වැලිසර පිහිටි නාවික මහ රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරයට සමඟාමීව ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් රෝගී වූ ජිවිත බේරා ගැනීම අරමුණු කර ගනිමින් මෙම ලේ දන්දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර, නාවික පුද්ගලයින්, නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දීමට එක් වී සිටියහ.

තවද, මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය සහ නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය පුර්ණ දායකත්වය ලබා දෙන ලදී.