වැදගත් සිදුවීම්

නාවික හමුදා රග්බි කණ්ඩායම් වෙනුවෙන් හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්) සමාගම අනුග්‍රාහකත්වය දක්වයි

නාවික හමුදා රග්බි කණ්ඩායම වෙත 2020 වර්ෂය සඳහා හච්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්) සමාගම (Hutch) අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වි ඇති අතර, ඊට අදාල ගිවිසුම අත්සන් කිරීම අද (2019 ‍දෙසැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ හච්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා (පුද්) සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ ප්‍රධානී, රම්සීනා මෝසෙත් අයි මහත්මිය ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

05 Dec 2019

නාවික හමුදාවෙන් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ‍භාරදීම නාවික හමුදාධිපතිගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරේ

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම අද (2019 දෙසැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

05 Dec 2019

නාවික හමුදාව අනතුරට පත් ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී සිදු වූ අස්ථි භග්නයක් හේතුවෙන් ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (2019 දෙසැම්බර් 05) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

05 Dec 2019

මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදු කල ඒකාබද්ධ මෙහෙයුම

නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද (2019 දෙසැම්බර් 05) අළුයම සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

05 Dec 2019

69 වන නාවික හමුදා දිනයට සමගාමීව ඉස්ලාම් ආගමික වැඩසටහන කොළඹදී

2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද ඉස්ලාම් ආගමික වැඩසටහන අද (‍2019 දෙසැම්බර් 05) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.

05 Dec 2019

මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 04 වන දින මුතූර් ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට ගෙන ඇත.

05 Dec 2019

රුසියානු හමුදා නියෝජිතයින් පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු හමුදාවේ නියෝජිතයින් පිරිසක් 2019 දෙසැම්බර් 04 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදී.

05 Dec 2019

ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් කොළඹදී

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 04 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් වැලිසර පිහිටි නාවික මහ රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

05 Dec 2019

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය

ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව 2019 දෙසැම්බර් 02 වන දින සිට 04 වන දින දක්වා සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි.

05 Dec 2019

මහජන චීන සමුහආණ්ඩු හමුදා නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

මහජන චීන සමුහආණ්ඩු හමුදා නියෝජිතයින් පිරිසක් 2019 දෙසැම්බර් 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

05 Dec 2019